ත්‍රිවිධ හමුදාවෙන් අතපසුවීමක් වූවාදැයි සොයන්න කමිටුවක්


මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස  ආසන්නේ දී  සහ  අරලියගහ මන්දිරය , ගාලුමුවදොර  යන ප්‍රදේශවල ඇතිවූ  කලහාකාරී සිද්ධීන් මැඩපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාව ගත් ක්‍රියාමාර්ගව වල යම් අතපසුවමක්  සිදුවී ඇති ද යන්න  සොයා බැලීමට ජනාධිපති  ගෝඨාභය  රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

හිටපු  නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති  මාෂල් ඔෆ් ද එයාර් ෆෝස්  රොෂාන් ගුණතිලක  යන  හිටපු යුද හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්‍රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .

 



Recommended Articles